Friday, July 25, 2014

අපිටම කියලා blog එකක්

තමන්ටම  කියලා web site (බ්ලොග්)එකක් අන්තර්ජාලයේ පවත්වාගෙන යන්න අකමැති කව්ද ?.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා අමාරු දෙයක් කියල. හැබැයි මේක fb accout එකක් හදන තරන්වත් අමාරු නෑ .
බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ ජාතියේ web වලට කියන්නේ blog කියල. අපි මේ හදාගන්න වෙබ් එකේ අගට www.abcdef .com වෙනුවට එන්නේ www.abcdef.blogspot .com කියල. 
අපි ගාව තියෙන video, photo වගේම අපි internet එකෙන් හොයාගන්න 
ඕනෑම දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. 
දැන් බලමු මේක හදන්න පටන්ගන්නේ කොහොමද කියලා. 
ඔයාගේ email එක gmail ද ? 
එහෙනම් දැනටමත්  ඔයා blog එකක හිමිකරුවෙක්.

මුලින්න ඔයාගේ gmail එකට log වෙන්න.
ඊට පස්සේ මෙන්න මේ link එකට යන්න .
මේ වගේ window එකක් එයි 
රූපේ පෙන්නලා තියෙන තැන click කරන්න 
ඊට පස්සේ title කියන තැනට blog එකට දාන නම දාන්න. ඊට පස්සේ address එක (මේක වැදගත් ) ඒ කියන්නේ blog ලිපිනය දෙන්න.
උදා internetekensallihoyamu.blogspot.com වගේ. ඊට පස්සේ බ්ලොග් එකේ පෙනුම තියෙන්න ඕන විදිය තෝරන්න. අන්තිමට create blog clike කරන්න.

අලුතෙන් දෙයක් දාල බ්ලොග් එක පටන් ගන්න newpost click කරන්න.
01. post එකට දාන නම
02. පින්තුරයක් දාගන්න 
03. ඉන්ටෙර්නෙට් එකේ තියෙන video link එකක් (උදා youtube video) දාගනිද්දී මේක පාවිච්චි කරන්න.
04. අපේ post එකට අදාල දේවල් publish කරනකන් පෙන්නේ මේතන. අපිට type කරන දෙයක් මෙතන type කරන්න පුළුවන්.
05. post එකට අදාල ඔක්කොම දේවල් දාගෙන ඉවර උනම මේක click කරන්න.
06. අපේ blog අඩවිය මෙතනින් බලාගන්න පුළුවන්.
(මුලිකම ටික මේ ඉතුරුව තනියම හොයාගන්න)

මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපිට අපේ internet එකෙන් සල්ලි හොයන වැඩේට මේක පාවිච්චි කරන්න පුළුවන්. 
ඒ සම්බන්දව මගේ අනිත් ලිපි කියවන්න 

Monday, July 14, 2014

අපි කොහොමද අපිට internet එකෙන් යම් කිසි ගෙවීමක් විදියට ලැබෙන $ අපේ අතට රුපියල් විදියට ලබාගන්නේ, බලු බැල්මට මේක අමාරු වැඩක් විදියට පෙනුනට අද අන්තර්ජාලය ලබලා තියෙන දියුණුවත් එක්ක මේක සුළු දෙයක්.
මම කියල දෙන්න යන්නේ එක කරන්න පුළුවන් එක (ජනප්‍රියම) විදියක්.
අපි එදිනෙදා ගණුදෙනු කරන බැංකු (Boc, සම්පත්, HNB ) වගේ අන්තර්ජලයේත් විවිද බැංකු තියෙනවා, ලෝකේ ඕනෑම කෙනෙකුට ඒවත් එක්ක සම්බන්ද වෙලා ගනුදෙනු කරන්න පුළුවන්, ඒ වගේම මුදල් ලබා ගැනීම ඒ බැංකු ලබා දෙන ATM card (මේ ATM card ලංකාවේ ඕනෑම ATM machine එකකට බාවිතා කරන්න පුළුවන් ) හරහා සිදු කරන්න පුළුවන්.ඒ සදහා අපි ලංකාවේ බැංකු වල account හදා ගන්නවා වගේ account එකක් හදා ගන්න ඕන . අපිට email account එකක් හදා ගන්න පුළුවන් නම් මේකත් කරන්න පුළුවන්. හැබැයි ඇත්තම තොරතුරු දෙන්න ඕන.
➡අනික  මේ වැඩේ විහිලුවට අත්හදා බලන්න එපා.➡
මොකද ඔයාට ඇත්තටම internet bank account එකක් හද ගන්න ඕන දවසට එක කර ගන්න ගොඩක් අමාරු වෙයි . ඒ නිසා අවශ්‍ය නම් විතරක් මේක හදා ගන්න.
අන්තර්ජාල බැංකු ගොඩක් එකිනෙකට link කරලා තියෙන්නේ. Paypal, Payza, Payoneer ඒවගේ බැංකු කිහිපයක්.
හැබැයි මේ හැම එකේම ATM පහසුකම් නෑ. මේවගේ ලබාදෙන පහසුකම් විවිදයි.
Payoneer කියන්නේ  ATM පහසුකම් තියෙන බැංකුවක්. Payoneer  එකේ account  එකක් හදා ගෙන ATM පහසුකම ලබන්නේ කොහොමද කියල අපි බලමු.
පියවර 01
මේ link එකට පිවිසෙන්න
මේ වගේ Page  එකක් එයි sign up තැන click කරන්න
පියවර 02
නැවතත් sign up තැන click කරන්න
පියවර 03
මේවාට ඇත්තම තොරතුරු ලබාදෙන්න .
තොරතුරු ලබා දුන් පසු next click කරන්න.
පියවර 04
postal /zip code එක දන් නැත්නම් මෙතනින් හොයා ගන්න
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
පියවර 05
මෙතැනදී account එකේ user name යි password එකයි තෝර ගන්න security question එක තෝරාගෙන උත්තරයක් දෙන්න
පියවර 06
මේ තමයි වැදගත්ම පියවර. මෙතැනදී ID වර්ගය තෝරාගෙන එකේ  (ජාතික හැදුනුම් පත් අංකය)  අංකය දෙන්න ඕන. ගෙදර ලිපිනයට නම් ATM card එක ගෙන්න ගන්නේ Shipping addr..... කොටස හිස්ව තියන්න. අනිත් 03 ම tick කරලා finish click කරන්න.
ඒ අතර ඔයාලගේ email එකට කලයුතු දේවල් මොනවද කියල mail කරයි 
පියවර 07
සතියකින් විතර card එක ගෙදරට එයි

card එක ආවට පස්සේ එකේ pin number එක තෝරාගන්න poyneer account එකට log වෙලා දෙන උපදෙස් පිළිපදින්න 
card එකේ සල්ලි නැතිව ATM machine වලට දන්නා එපා 
card එක හිරවෙන්න පුළුවන් 
අපිට තියෙන වෙන ඉන්ටෙර්නෙට් account වල සල්ලි උනත් මේකට transfer කරලා රුපියල් විදියට අපේ අතට ගන්න පුළුවන්